මෙම ලිපියෙන් ඔබට ZIP ගොනුවක ඇති රහස්‍ය පදය නොමැතිව විවෘත කරගන්නා අයුරු කියා දෙනු ලැබේ.
මෙම ZIP ගොනුවක් විවෘත කරගැනීම පිළිබඳව විස්තරයක් පියවරනේ පියවර පහතින් දක්වා ඇත. පහත සඳහන් කර ඇති අයුරින්ම ක්‍රියා කිරීම මඟින් ඔබ සතුව ඇති රහස්‍ය පදයක් යොදා ඇති ZIP ගොනුවද විවෘත කරගත හැකි වනු ඇත.



1. ලිපියේ පහතින් ලබා දී ඇති Nullsoft Scriptable Install System (NSIS) මෘදුකාංගය බාගත කරගන්න.

2. ඔබගේ පරිගණකයට එම බාගත කරගනු ලැබූ මෘදුකාංගය ස්ථාපනය කරගන්න.

3. ඉන්පසු NSIS මෘදුකාංගය විවෘත කර Installer based on ZIP Files යන්න මත ක්ලික් කරන්න.
image

4. පසුව ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එයින් Open යන්න මත ක්ලික් කර ඔබට විවෘත කරගැනීමට අවශ්‍ය කරන ZIP ගොනුව තෝරා දෙන්න.
image

5. ඉන්පසු Generate යන්න මත ක්ලික් කරන්න.

6. මොහොතකින් ඔබට තවත් ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එහි Close යන්න ක්ලික් කරන්න.
image

7. ඉන්පසු ඔබගේ ZIP ගොනුව ඇති තැනට යන්න. එවිට ඔබට ඔබගේ ZIP ගොනුවේ නමට EXE ගොනුවක් තිබෙනවා දැකගත හැකියි.
image

8. ඒ මත ක්ලික් කර, Install යන්න මත ක්ලික් කරන්න.
image

9. දැන් එම ගොනුවෙහි තිබූ දෑ ඔබ extract කරනු ලැබූ තැන තිබෙනවා දැකගත හැකියි.


බාගත කරගැනීම්:-මෙතනින්

0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top