අපි pen එකක් ගත්තම ඒකට File එකක් copy කරන්න යනවනම් ඉතින් pen 1 slow වුනාම %#&$%@* තමයි මතක් වෙන්නේ..  ඒක දැන් එන අලුත් pen වලට අනිවා එන දෙයක්.


කොහොමද pen එකේ speed 1 වැඩි කර ගන්නේ?
1. හොද වර්ගයේ pen එකක් ‍තෝරා ගැනීම.
2. Format කරනා file format එක වෙනස් කිරීම.
3. File allocating system එක වෙනස් කිරීම.

1. හොද වර්ගයේ pen එකක් ‍තෝරා ගැනීම.
මේ සදහා නොයෙකුත් models ඇත.
මමනම් recommend කරන්නේ  Imation or Kingston
සැලකිය යුතුයි:

ගන්නකොට pen එක එන cover 1 ගහලා තියන no එක 101 තියන එක ගන්න.(100 ගන්න එපා)

2.Format කරනා file format එක වෙනස් කිරීම.
මෙහිදී ප්‍රධාන වශයෙන් FAT සහ NTFS ලෙස කොටස් 2ක් තියනවා.

 FAT system = File allocation Table
NTFS =New Technology File System

 FAT system(FAT32, FAT16) ලෙස ඇති අතර මෙහි දත්ත write කිරීම කරන්නේ Table එකකයි.



 ඔයාලා දන්නවනේ කොම් එකේ ඕනෑම signal  එකක් යන්නේ binary codes විදියට කියලා. ඒක නිසා එහෙම හැම signal එකක්ම Table එකකට Input කරන්න ගියාම ඒකෙ මුල ඉදලම address 1 input කරන්න ඕනේ. මේකට ලොකු කාලයක් යනවා.
ඒත් NTFS (New Technology File System) වලදි එහෙම Table කතාවක් නෑ..
ඒක නිසා pen1 Format කරනකොට NTFS විදියට Format කලොත් දත්ත write වීමට වැඩි වේගයක් ලබාගන්න පුලුවන්.FAT 32 වලට තත්පර 2ක් යන වැඩේට NTFS වලට යන්නේ එක තත්පරයයි.


3. File allocating system එක වෙනස් කිරීම.

ඒක ඔයා pen එක use කරන ආකාරය අනුව කොටස් 2කට වෙනස් වෙනවා.

i ඔයා Films, Videos, mp3 වගේ ප්‍රමානයෙන් විශාල files හුවමාරුවට භාවිතා කරනවිට

ii ඔයා word, exel,sofwares වගේ වෙඩිපුර පොඩි පොඩි files සදහා වැඩිපුර භාවිතා කරන්නේ නම්..

i ඔයා Films, Videos, mp3 වගේ ප්‍රමානයෙන් විශාල files හුවමාරුවට භාවිතා කරනවිට
මේක කරන්නේ අපි pen 1 Format කරන තැනින්ම තමයි. එතන තියනවා File allocating system කියලා එකක්.
එතන අපි දෙන අගය අනුව pen 1 තුල file එකක් තැන්පත්වීම කරන්නේ මොන වගේ කෑලි වලටද කියලා තීරනය වෙනවා.
 හිතන්න ඔයාගෙ pen එක 8GB කියලා. එතකොට ඔයා 64kilobytes දුන්නා කියලා. එතකොට ඔයාගෙ 8GB space එක 64KB පොඩි කෑලි වලට කඩනවා. එතකොට සම්පූර්ණම කෑලි ගනන එන්නේ 128යි (8*1024/64)
ඒත් අපි ඒක 2048bytes වලට කැඩුවොත් අපිට ඒකට කෑලි 4096ක්(8*1024/2) එනවා. එහෙම වුනොත් නිතරම 2048bytes කෑල්ලක් ගේනවා, ආයෙත් යනවා, තව එකක් ගේනවා. මේක 4096 වතාවක් කරන්න ගොඩක් වෙලාවක් යනවා කියලා ඔයාට තේරෙනවා නේ..

ii ඔයා word, exel වගේ පොඩි පොඩි files සදහා වැඩිපුර භාවිතා කරන්නේ නම්..
මේ වගේ වෙලාවට 2048bytes වගේ පොඩි අගයක් දුන්නම් හරි.

ඔයා hard disk එක partition කරලා තියනවානම් ඒවායෙ තියන දේවල් අනුව අපිට වෙන වෙනම File allocating systems, use කරන්න පුලුවන්.

මේ විදියට select කරලා Format දුන්නනම් වැඩේ ගොඩ...

අදහස් යෝජනා චෝදනා ඕන එකක් පහත දාන්න.

 
Top